events

Suriyawewa Water Purification Plant

Screen Shot 2018-07-09 at 5.04.14 PM

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව වල්සපුගල ග්‍රාමයේ කෙම්හත පුරාණ
විහාරස්ථානයේ විහාරාධිපති විහාරගල ධම්මකිත්ති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම
පරිදි ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ “සුව දිවියට පැන් දොතක් ”
වැඩසටහන යටතේ ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආධාර මත පානීය ජල
ව්‍යාපෘතියක් 2018 ජූලි මස 07 වන දින බුද්ධශාසන ගරු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම
පෙරේරා මැතිතුමා, සහ ශ්‍රි ලංකාවේ චීන තානාපති Cheng Xueyuan මැතිතුමා සහ ශ්‍රී
ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ ගරු සභාපති සුමති ධර්මවර්ධන
මැතුතුමාගේත් ප්‍රධානත්වයෙන් අද දින ජනතා අයිතියට පවරා දෙන ලදී.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ගම්මානයක් වන වල්සපුගල පිරිසිදු පානීය
ජලය නොමැතිකම නිසා පීඩාවට පත්ව ඇති ජනතාවට සහනයක් වශයෙන් චීන
තානාපති කාර්යාලයේ මූල්‍යමය ආධාර මත ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ
මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරු අංශය විසින් මෙම ජල පිරිපහදු
ව්‍යාපෘතිය නිම කරන ලදී.
අද දින මෙම උත්සවය අමතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති Cheng Xueyuan ශ්‍රී
ලංකාවත් චීනයත් අතර මිත්‍රත්වය වසර 2000 ක් පමණ පැරණි බවත් චීනයේ
දේශාටන භික්‍ෂුන් වහන්සේ වන පාහියන් භික්‍ෂුව ශ්‍රි ලංකාවෙන් බුද්ධ ධර්මය හදාරා
චීනයට ගොස් බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමට කටයුතු කර ඇති බවත්, අද දින චිනයත්
ලංකාවත් අතර බෞද්ධ මිත්‍රත්වය ස්ථාපිත වී ඇති බවත් සඳහන් කල අතර මෙම
ජලපිරිපහදුව ජනතාව වෙත තෑගි කරන බවත්ය. චීන තානාපති තුමා වැඩි දුරටත්
අදහස් දක්වමින් ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය 2015 අගෝස්තු මස සිට
මෙරටේ බෞද්ධ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට විශාල මෙහෙවරක් කර ඇති බවත්
ඒ සඳහා ඇප කැපවූ සියළුම නිළධාරීන්ට සිය හෘදයාංගම ස්තුතිය පුද කරන ලදී.
බුද්ධශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා අදහස් දක්වමින් ඉතා
දුෂ්කර ගම්ප්‍රදේශයක් වූ හම්බන්තොට ප්‍රදේශයේ වල්සපුගල ග්‍රාමයට පානීය ජල
ව්‍යපෘතියක් ලබාදීම පිළිබඳව චීන රජයටත් ශ්‍රී ලංකාවේ චීන තානාපති තුමාටත් සිය
කෘතඥතාවය පලකරන ලදී.
කෙම්හත විහරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය විහාරගල ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ
අදහස් දක්වමින් ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය සිදු කරන ලද අනගි
සේවාවට ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සහ විහාරස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ
චීන තානාපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව
සංගමයටත් පින් අනුමෝදන් කර ස්තුති කරන ලදී.
මෙම උත්සවයට සූරියවැව ප්‍රදේශයේ ප්‍රදේශීය ලේකම් තුමා, ශ්‍රී ලංකාවේ චීන
තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශයේ ප්‍රධානි ලියු ටොම් මැතිතුමා, ශ්‍රී ලංකා චීන
බෞද්ධ මිත්‍රත්ව සංගමයේ උප සභාපති අජිත් ධර්මවර්ධන මැතිතුමා, උප ලේකම්
අරුණ ද සිල්වා මැතිතුමා, උප භාණ්ඩාගාරික කේ. ජී. චන්ද්‍රසිරි මැතිතුමා, නාලක
සේනානායක මැතිතුමා, වෛද්‍ය හිරාන් විමලරත්න මැතිතුමා සහ දයානන්ද කුකුලේ
විතාන මැතිතුමා සහභාගිවන ලදී.

 

DSC_9208 DSC_9153 DSC_9121 DSC_9117 DSC_9085 DSC_9077

© SLCBFA Powered by Ranomark and Wordpress.

About terms & conditions FAQ

blog lam dep | toc dep | giam can nhanh

|

toc ngan dep 2016 | duong da dep | 999+ kieu vay dep 2016

| toc dep 2016 | du lichdia diem an uong

xem hai

the best premium magento themes

dat ten cho con

áo sơ mi nữ

giảm cân nhanh

kiểu tóc đẹp

đặt tên hay cho con

xu hướng thời trangPhunuso.vn

shop giày nữ

giày lười nữgiày thể thao nữthời trang f5Responsive WordPress Themenha cap 4 nong thonmau biet thu deptoc dephouse beautifulgiay the thao nugiay luoi nutạp chí phụ nữhardware resourcesshop giày lườithời trang nam hàn quốcgiày hàn quốcgiày nam 2015shop giày onlineáo sơ mi hàn quốcshop thời trang nam nữdiễn đàn người tiêu dùngdiễn đàn thời tranggiày thể thao nữ hcmphụ kiện thời trang giá rẻ