ශ්‍රී ලංකා බෞද්ධ දූත පිරිස ටිබෙටයේ සංචාරය
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය ආරාධනය මත ශ්‍රී ලංකාවේ බෞද්ධ දූත පිරිස, විසින් පසුගිය දින චීනයේ ලාසා (Lhasa)සහ යුන්නාන් (Yun Nan) ප්‍රාන්තයන්හි සංචාරයේ යෙදෙන ලදී.
කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ශ්‍රී ලංකා බෞද්ධ දූත පිරිස යුන්නාන්(Yun Nan) ප්‍රාන්තයන්හි කුන්මින් ( Kun Ming) නුවරදී යුන්නාන් (Yun Nan) බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් කන් නන් (Kang Nang) මහතා ඇතුළු සංගමයේ නියෝජිත පිරිස සමඟ දෙරට අතර බෞද්ධ සම්බන්ධතා වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ෂැන්ග්‍රි-ලා (Shangri-La) ප්‍රදේශයට ගොස් ප්‍රාන්තයේ තන්ත්‍රයාන බෞද්ධ විහාරස්ථානය වැදපුදා ගන්නා ලදී. මෙම දූත පිරිස 2019 නොවැම්බර් මස 25 වන දින ටිබෙටයේ ලාසා (Lhasa) නුවරට ළඟා වූ අතර ජෝ කං (Jho Khang) විහාරස්ථානය වැදපුදා ගත්පසු ලාසා (Lhasa) නුවර පොතලා මාලිගය නරඹන ලදී.
මහාචාර්ය කොල්ලූපිටියේ බුද්ධරක්ඛිත නාහිමියන්, නාවල විමල විහාරාධිපති බෙරගල විමලතිස්ස හිමියන්, බෞද්ධ කටයුතු පිළිබඳ සහකාර කොමසාරිස් කාංචන රත්නායක මහතා, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සභාපති ජගත් සුමතිපාල මහතා, ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමයේ ශිරාන් නන්දසේන මහතා, දිවයින පුවත්පතේ තුෂාර අතපත්තු මහතා, ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ වූ වෙන් වාන් (Wu Wen Chang) මහතා සහ තිබ්බතයේ බෞද්ධ සංගමයේ නියෝජිතවරියක් සමග පොතාල මාළිගාව (Pothala Palace) අසලදී ගත් ඡායාරූපයකි.
Sri Lanka Buddhist delegation led by Professor Ven. Kollupitiye Mahindarakkitta Thero visited China on an invitation extended by the embassy of China in Sri Lanka and held discussions with Mr. Kang Nang, Secretary General of Yun Nang Buddhist Friendship Association in Kun Ming to promote Buddhist activities between two countries. this program was coordinated by Sri Lanka China Buddhist friendship association.
The delegation visited Shangri-La and then proceed of to Lhasa Tibet province, where they worshipped Jo khang temple. In Lhasa, Sri Lanka Buddhist delegation held discussions with Jho Khang Monastery. there after the paid a visit to Pothala Palace.
The members of delegation Professor Ven. Professor Ven. Kollupitiye Mahindarakkitta Thero, Ven. Beregama Wimaldhamma Thero, Mr. Kanchana Ratnayake – Asst. Commissioner of Buddhist Affairs, Mr. Jagath Sumathipala- President All Ceylon Buddhist Congress, Mr. Shiran Nandasena – Ex Co. Member of Sri Lanka China Buddhist Friendship Association, Mr. Thushara Attapattu of Diwaina News Paper, Mr. Wu Wen Chang- Embassy of China in Sri Lanka, A member of Buddhist Association in Tibbet posed for a group photograph in front of Pothala Palace on 25th November 2019
About terms & conditions FAQ